පරිගණකයේ සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory)
පරිගණකයේ සසම්භාවී ප්‍රවේශ මතකය වැදගත් වන්නේ පරිගණකයේ
යම් කිසි ක්‍රියාවක් සදහා දත්ත හෝ උපදෙස් සකසනය (processor) වෙත ලබා දෙන තෙක් තාවකාලිකව තැන්පත් කර ගැනීමයි
යම් හෙයකින් පරිගණක තූල සසම්භාවී ප්‍රවේශ
මතකය නොතිබුනි නම් පරිගණකයේ ක්‍රියාකාරීත්වය
බොහෝ සෙයින් දුර්වල වන්නේය.
එයට හේතුව වන්නේ යම්කිසි
මෘදුකාංග කිහිපයක් එකවර ක්‍රියාත්මක වනවිට, සකසනය වෙත දත්ත ලබාදීමට දෘඩ තැටිය (Hard Disk) මගින් පමණක් සිදුකිරීමට
සිදුවුවහොත්, සකසනයේ ඉල්ලුම සපුරාලීමට
දෘඩතැටියේ වේගය ප්‍රමානවත් නොවන නිසා, වේගවත්ව දත්ත සැකසීමට ( Data Processing) සකසනය වෙත දත්ත ලබාදීමට
දෘඩතැටිය ප්‍රමාණවත් නොවන නිසා වේගවත් දත්ත සැපයීමකට පරිගණකයේ සසම්භාවී ප්‍රවේශ මතකය භාවිතකරයි. සසම්භාවී ප්‍රවේශ (RAM) මතකයේ ඇති දත්ත සකසනය හට
සෘජුවම ලබාගත හැකිනිසා සකසනය වෙත දත්ත ගෙන්වා ගැනීම
වේගවත්ව සිදුවේ.
දෘඩතැටියේ සකසනයට අවශ්‍ය දත්ත පිහිටන ආකාරය
ඉහත රෑපයේ පරිදි වේ, මේලෙස පවතින දත්ත සසම්භාවී ප්‍රවේශ මතකය වෙතට ප්‍රවේශ කරගත් පසුව පහත රෑපයේ පරිදි යම්කිසි පිලිවෙලකට දත්ත
පවතී එම නිසා දෘඩතැටියේ දත්ත සකසනයේ නිහිත මතකය(Cache) වෙත කෙලින්ම ප්‍රවේශ නොවී සසම්භාවී ප්‍රවේශ මතකය වෙතට ප්‍රවේශ කරගත් පසුව නිහිත මතකය(Cache memory) වෙත ගෙන්වාගනී මෙම නිසා සැකසුම් ක්‍රියාවලිය වේගවත්ව සිදුවේ.
පරිගණකයේ RAM මතකය වැදගත් වන්නේ සැකසුම් කිහිපයක් හෝ විශාල සැකසීමක් සිදුකරන විටදී එය වේගත්ව සිදුකිරීමට සකසනය වෙතට යම්කිසි පිලිවෙලකට අවශ්‍ය දත්ත ලබාදීමට හැකි උපාංගයක් වීම නිසාය.
Standard Name - සම්මත නාමය
Memory Clock - සංක්‍යාතය
Cycle Time - එක් ක්‍රියාවලියක් සිදුකරලීමට ගතවන කාලය
Data Transfer per Second - තත්පරයකදී සිදුවන හුවමාරැ වීම් සංඛ්‍යාව
Peak Transfer Rate - තත්පරයකදී සිදුවන හුවමාරැ වීම් ප්‍රමාණය මෙගාබිට් වලින්
©Prabath Shantha
Prabathshantha@gmail.com